‘යහමඟ’ අඩවිය විවිධ අවස්ථාවල වෙනත් වෙබ් අඩවි තුල පලවන විශේෂ ලිපි මේ තුලින් ජාතියේ අවධානයට ගෙන එනවා ඔබ දන්නවා ඇතැයි සිතමි. අද දවසේ ද එවැනි ලිපියක් ‘යහමඟ’ පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට උපුටා දැක්වීමට අදහස් කරමි. දියුණූ සංස්කෘතියක් හා වසර 2500 ක විශිෂ්ඨ ඉතිහාසයක් පිලිබදව උදම් අනන අප රට තුල වර්ථමානයේ පවතින නීතියේ දූර්වලාතාවයත්, එය ක්‍රියාත්මක වීමේ දී පවතින දුර්වලාතවයත්, සාරධර්ම අතින් සමාජ පිරිහීමත්, රටේ දැවෙන හා වැදගත්ම ගැටළුවලට බලධාරී අවධානය යොමු නොවීමත්, මනාව කියාපාන එම ලිපිය මෙසේය…
තව කියවන්න…
පසුගිය දිනක ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක් මුල් කරගත් චෝදනා පත්‍රයක් එක්තරා සහෝදරයෙකු විසින් ‘යහමඟ’ අඩවියට යොමු කොට තිබුණි. එය චෝදනා පත්‍රයක් ලෙස මිස පැනයක් ආකාරයට යොමු නොවුවත්, එහි මතු කරන කාරණය ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරයේ හා ජාතිකතලයේ නිරන්තරයෙන් මතු කරන පැනයන් නිසා ඒ පිලිබදව තරමක් ගැඹුරින් සාකච්චා කිරීමට මෙහිදී අදහස් කරමි. එම චෝදනාව නම්,
කුරානයේ මුහම්මද් ගේ අල්ලා දෙවියන් අත්අඩංගුවේ සිටින ගැහැනුන් දූෂණය කිරීම නිත්‍යානුකූල කර ඇත. එනම් ඊනියා “දකුනු අතට අයිති” ගැහැනුන් දූෂණය කිරීම, ඔවුන් ඉන් පෙර විවාහයට පත් අය වුවත්, වලංගුවන බවයි.
තව කියවන්න…
ව්‍යෘපාර ලෝකයේ සාර්ථක ව්‍යාපාරයක්, පහසුවෙන් මුදල් හම්බ කිරීමක්, අධික ලාභ ඉපයීමක්, සැප පහසු ජීවිතයක්… මේ නූතන සමාජයේ බොහෝ දෙනෙකු නිරන්තරයෙන් අපේක්ෂා කරන සිහිනයන් මෙන්ම පොදු ඉලක්කයන් ද වේ. එම ඉලක්කයන් ජය ගැනීම සදහා ඔහු තම ජීවිතය තුල කරණු ලබන අරඟල ද සුළුපටු නොවේ. මේ අරඟලය තුල ‘ලාභය’ පමණක් එකම අරමුණ කරගත් නූතන මිනිසා ඒ තුල අතීතයේ පටන් රුකගෙන ආ අවංකකම, සාධාර්ණය, විශ්වාසය, විනිවිදභාවය… යනාදී යහපත් ගුණාංග අවලංගු කර දමමින් ඒ වෙනුවට වංකකම, අසාධාර්ණය, වංචාව, අවිශ්වාසය… යනාදී දුර්ගුණාංග ආදේශ කරමින් තම ඉලක්කය ජය ගැනීමට අවශ්‍ය පිඹූරුපත් සකසමින් ඇත. මෙවන් අවධියක මෙම විෂය පිලිබදව පුළුල් සංවාදයන් සමාජය තුල ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවයකි. එම අවශ්‍යතාවය කවදත් නිසි ලෙස අවබෝධ කොට ක්‍රියා කරන ‘යහමඟ’ අඩවිය මෙම විෂය පිලිබදව ද මෙහිදී ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට අදහස් කරමි.
තව කියවන්න…
අදී මානවයා පටන් නූතන මානවයා දක්වා ඔහු තම දිවියේ සාර්ථකත්වය විමුක්තිය උදෙසා කල කැපවීමන් හා කැපකිරීමන් සුළුපටු නොවේ. සමහරක් ශාස්තෘවරුන් මේ විමුක්තිය උදෙසා තම දිවියට අතිදුෂ්කර වද වේදනාවන් පවා ලබාදෙමින් මරණයේ දොරටුවටම ගිය අවස්ථාවන් පවා සමහරක් ආගම් තුල දක්නට ලැබේ. විශේෂයෙන් ජෛන ආගම්වල පැවතී භාවනා යෝගී ක්‍රමයන් මෙන්ම ගෞතම බුදුන් බුදුදහම අවබෝධකර ගැනීම පිණිස දුෂ්කර ක්‍රියාවන්හි නිරත වූ ආකාරය එයට හොද නිදසුනකි. එසේම ඒ තරමට නොවුවත් එවකට පැවතී සමාජ පිරිහීම කෙරෙහි කලකිරුණු මුහම්මද් (සල්) තුමාණන් ‘හීරා‘ නම් ගල් ගුහාව තුල ගෙවුවේද මීට තරමක් දුරකට සමාන තත්වයකි. මේ ආකාරයට අපමණ බාධක හා කැපකිරීමන් මධ්‍යයේ ලබාගත් හා අවබෝධ කරගත් දහම මිනිස් සමාජයට දේශනා කරමින් නිර්මල සමාජයක් එදා ගොඩනැගුවද අද එම සමාජය එම දහම තුලම වල්මත් වී විනාශ මුඛයට යොමු වී පැවතීම කිසිවකුත් ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. එදා ආගමික ආභාෂය ලබා දැහැමි ජීවිතයක් ගතකල සමාජය අද එම දහම තුල දැහැමි බවට දෛවරය, ඊර්ෂ්‍යාව ආදේශ කොටගෙන එය නිර්මල වූ දහම බවට සමාජය හමුවේ දේශනා කරමින් ඇත. එදා පරස්පර වූ ආගමික මතවාදයන් හමුවේ පවා එකින් එකාගේ මතවාදයන් ගරු කරමින් සමඟියෙන් බැදුණූ සමාජය අද ක්‍රෝධය හා පලිගැනීම එයට ආදේශ කොට ඇත. එදා ආගමික විනයක් සමාජය තුල ගොඩනැඟීමට මූලික වූ ශාස්තෘවරුන්, පූජකවරුන් හා විද්වතුන් අද මිනිස් සමාජය තුල විරසකය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීමේ චේතනාව, වියරුව… යනාදිය ආදේශ කොට මිනිස් සමාජය භේදබින්න කරමින් ඇත. සරලව පවසනවා නම්, නූතන මිනිසා අද වනවිට ආගම් එහි පූජකවරුන්ගේ චින්තනවලට හා සිතුවිලිවලට සීමා වූ ඇදහිලි හා ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කොට ඒ තුල කොටු වී ඇත. මේ හේතුව නිසා එම ආගම් ලෝකෝත්තර අරමුණුවලින් සම්පූර්ණයෙන් මිදී ලෞකික කරුණූ පසුපස හඹායන තැනට අද යොමුව ඇත.
තව කියවන්න…
මීට වසර කිහිපයකට පෙර ‘යහමඟ’ නමින් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ආරම්භ කරන්නේ සීමිත අරමුණූ කිහියපයක් මුල් කරගෙනය. එනම්, අන්තර්ජාලය තුල ආගමික කරුණූ විශ්ලේෂණයේ දී එහි ආගමික ඉගෙන්වීමන්ට වඩා එකින් එකාට එරෙහිව මඩ ව්‍යාපාරයන් දියත්වීමත්, රටේ සුළු ආගම්වලට එරෙහිව ඉතා සූක්ෂම ලෙස කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයන් අන්තවාදී පිරිස් සිදුකිරීමත්, අතීතයේ නොපැවතී ආකාරයට ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂවල බිලි බවට දිනෙන් දින රටේ සුළු ආගම් හා ජාතීන් පත්වීමත්, ‘තමා අදහන ආගම හැර අනිකුත් ආගම්වල කිසිදු හරයක් නැතැයි’ සිතා එම සමාජවල සම්ප්‍රදායන්, පුද්ගල චරිත එසේත් නැත්නම් තමන් විසින් ගත් පූර්ව නිගමන පදනම් කරගෙන එම ආගම් විවේචනය වීමත් සැලකිල්ලට ගෙන මෙවැනි ක්‍රියාවන් තුලින් රට තුල නිර්මාණය වන අවාසනාවන්ත තත්වයන් පිලිබදව සමාජයට රතු එලියක් දැල්වීම මූලික අරමුණූ කරගෙන මෙම අඩවිය ප්‍රධාන වශයෙන් ආරම්භ කරන ලදී.
තව කියවන්න…
අතීතයේ පටන් ශ්‍රී ලංකීය සිංහල හා මුස්ලීම් ප්‍රජාව අතර ඇත්ත සමඟියෙන් පිරි බැදීමකි. මේ සදහා ඉතිහාසය තුලින් අපමණ වූ සාක්ෂි ගෙනහැර දැක්වීමට පුළුවන. මේ පිලිබදව ‘ශ්‍රී ලංකාවේ මුස්ලීම්වරුන්’ යනුවෙන් ගවේෂණ කෘතියක් ලියූ මහාචාර්‍ය ලෝනා දේවරාජ් මහතා ඉතා සවිස්තර ලෙස කරුණූ දක්වා ඇත. එම පොතේ සදහන් ආකාරයට රජවරුන්ගේ පාලන සමයේ පවා මුස්ලීම්වරුන්ට හිමිව පැවතියේ ඉතා විශිෂ්ඨ තැනකි. එම බැදීම කොතරම්ද යන්න පවසනවා නම් විහාර භූමි මුස්ලීම්වරුන් සදහා පරිත්‍යාග කල ඉතිහාසයන් පවා එහි විස්තර වේ. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස එම පොතින් කොටසක් උපුටා දක්වන්නේ නම්,
‘…රිදි විහාරයේ භක්‍ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මුස්ලිම් පූජකවරයෙකුගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර තිබීම. නූතන යුගයේ සම්මත පිළිවෙත අනුව පවා ඉතා උදාර කාර්යයන් වශයෙන් සැලකිය හැකිය. මුස්ලිම් පදිංචිකරුවන් කිසිඳු පැකිළිමකින් තොරව බෞද්ධ විහාරයට සේවය කළ ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා පිරිමසාලීම සඳහා මුස්ලිම් පූජකවරයකුට විහාරය විසින් විවෘතවම සහයෝගය දක්වන ලදී. ආගම් පිළිබඳ ඉතිහාසයේ අද්විතීය ගණයේ එකක්වූ විශිෂ්ට ආගමික සහනශීලතාවක් ප‍්‍රකට කළ මේ සිද්ධිය 1870 දී බි‍්‍රතාන්‍ය රාජකාරි බදු කොමසාරිස්වරුන්ගේ විස්මයට හේතු විය. ඒ මුස්ලිම් පල්ලිය, විහාරයේ සිට සැතපුම් භාගයක් දුරින්, මුලින් රිදී විහාරයට අයිතිව තිබුණු ඉඩමක අද ද පිහිටා තිබෙනු දැකිය හැකි යැයි ඒ විහාරයේ අධිපති තිබ්බොටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන් වහන්සේ ග‍්‍රන්ථ කර්තෘව දන්වා සිටියහ. එය එකල ආගමික සහනශීලිතාව පිළිබඳ අනුස්මරණීය සිද්ධියකි…‘
තව කියවන්න…
ඉස්ලාම් දහම පිලිබදව කථා කිරීමේ දී එහි දේව පුස්තකය වන ශූද්ධ වූ කුර්ආනයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. දෙවියන් විසින් මිනිස් වර්ගයා මවා ඔහු මෙලොව තුල අසරණ කර නොදමා සත්‍ය අසත්‍ය, හොද නරක, ජය පරාජය, යහපත අයහපත… යනාදී සියල්ල අවවාද අනුශාසනා නඟන දිව්‍යමය මඟපෙන්වීමක් ඔහුට ලබාදෙන ලදී. ආරම්භ මිනිසා වන ආදම් (අලෛ) තුමාගේ පටන් අවසාන දේව වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා වූ සෑම වක්තෘවරයෙකු මඟින්ම දෙවියන් විසින් මිනිස් සමාජයට නොයෙක් වූ අවවාද අනුශාසනා සිදුකලා යන්න ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමයි. ඒ අනුව අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල කරන ලද දිව්‍යමය පුස්තකය වන්නේ ‘ශුද්ධ වූ කුර්ආන’ යයි. මේ අනුව මුස්ලීම් සමාජය සෑමවිටම මුහම්මද් (සල්) තුමාණන්ට පහල කල ඒ දේව පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය පදනම් කරගැනීම අනිවාර්‍ය වේ. මෙහි වැදගත්කම ‘යහමඟ’ අඩවිය හොදින් අවබෝධ කොට සිටිනා නිසා තමා මීට ඉහත කිහිප අවස්ථාවකදීම ශුද්ධ වූ කුර්ආනය මූලික කරගෙන ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල සාකච්චා කරන ලද්දේ. එවැනි ලිපි කිහිපයක් මේ මාතෘකාවට අදාලව ඔබේ මතකයට ගෙන එන්නේ නම්, ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය, සහා ලොව අනිකුත් දහම් පුස්තකයට සාපේක්ෂව ශුද්ධ වූ කුර්ආනය ආරක්ෂා වී ඇති ආකාරය යනාදිය සදහන් කලහැක. මෙලෙස ශුද්ධ වූ කුර්ආනය පදනම් කරගෙන විවිධ මාතෘකාවන් මීට පෙර සාකච්චාවට ගැණූනද අද දිනයේ ‘කුර්ආනීය සමාජයක් කර නැවතත්’ යනුවෙන් සාකච්චාවට ගැනීමට අදහස් කරන්නේ නැවතත් ශුද්ධ වූ කුර්ආනය පිලිබදව නම් නොවේ. අද දිනයේ සාකච්චා කිරීමට අදහස් කරන්නේ මෙම ශුද්ධ වූ කුර්ආනය දරා සිටින මුස්ලීම් සමාජය පිලිබදවයි.
තව කියවන්න…
වර්ෂයක් පාසාම සමරණ ලෝක කාන්තා දිනය මෙවරත් උත්කර්ශවත් අන්දමින් සමරා ඒ තුල සුපුරුදු පරිධි අමිහිරි මතකයන් රාශියක් ඉතිරි කොට ගෙන මීලඟ ‘කාන්තා දිනය‘ තෙක් ඒ සියළු හමස් පෙට්ටියේ අඟුල් දමා ඇති මොහොතක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුවිශේෂි වූ නමුත් පිරිමි පාර්ශවයට වැදගත් මාතෘකාවක් පිලිබදව යහමඟ අඩවිය තුල අද සාකච්චා කිරීමට අදහස් කරමි. විශේෂයෙන් කාන්තා අයිතිය හා ඇයට නූතන සමාජය තුල අත්ව ඇති ඉරණම වසරකට දිනයක් කථා කොට නිහඬ වන එසේත් එය අමතක කරදමන සමාජය තුල ඉස්ලාම් ඇය කෙරෙහි කොතරම් සැලකිලීමත් වෙනවාද? යන්න මීට ඉහත ද ලිපි ගණනාවක් තුලින් සාකච්චා කොට ඇත. එහිදී ‘101 වන වරටත් කාන්තා දිනය සමරණ අපේ ඇත්තෝ‘ යන්න එවැනි එක් සමීපතම නිදසුනකි. යහමඟ අඩවිය තුල මෙම විෂය සදහා වැඩි තැනැක් දී කරුණු සාකච්චා කිරීමට හේතුවක් ද ඇත. එනම් සීමිත මාතෘකා කිහිපයක් පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව ප්‍රචාරණ කටයුතුවල නිරත වන පිරිස් ඒ පදනම් කරගන්නා මාතෘකාවන් අතර ‘ඉස්ලාම් දහම තුල කාන්තාව‘ යන්න ද එකක් වීම එයට එක් හේතුවකි. ඒ අනුව ‘සම්ප්‍රදායට එහා ගිය යුගදිවිය‘ යන මාතෘකාව ඔස්සේ යුගදිවියට එළඹූනු අඹූසැමි යුවලක් කෙරෙහි ඉස්ලාම් පනවන නියෝග හා ආදර්ශ මොනවාද? යන්න පිලිබදව මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි.
අතීතයේ පටන් මෑත භාගය දක්වා කාන්තාව පිලිබදව පිරිමියා දැරෑ මතවාදයන් විශ්මය ජනකය. ඇය ජීවයක් ඇති කෙනෙකු ලෙස සැලකිය හැකිද? යන්න පිලිබදව පවා විද්වත් වාද විවාද පැවැත්වූ ඉතිහාසය මීට ඉහත ‘ජාත්‍යන්තරය තුල කාන්තාව එදා සහ අද‘ යන ලිපිය තුලින් මෙම අඩවිය තුල සාකච්චා කලා ඔබට මතක ඇතැයි සිතමි. එවන් මිලෙච්ඡ මතවාදයෙන් මීදි නූතන සමාජය පියවර ගණනාවක් ඉදිරියට පැමිණීම සතුටට කරුණක් වුවත්, අදත් බහුතර පිරිසක් තුල ‘ඇය පිරිමින්ගේ කායික අවශ්‍යතාවයන් සපුරාලීම සදහාම මවන ලද මැවීමක්‘ යන පහත් මානසිකත්වය වචනයෙන් නොකීවද හඳවතින් දර ක්‍රියා කිරීම කණගාටුවට කරුණකි. එහිදී ‘විවාහය‘ යන්න ඒ සදහා නීත්‍යානුකූල අවසරයක් යන්න අද බොහෝ දෙනෙකු තුල ඇති පිලිගැනීමයි. ‘විවාහය තුලින් තමා හා යුගදිවියට එළඹෙන ඇය මා වැනිම හිතන පතන විටෙක මට වඩා බුද්ධිමත් ලෙස කටයුතු කරන්න සමත් එසේම මට වගේම හැගීම් දැනීම් ඇති තවත් මා වැනිම ජීවයක්‘ යන්න නූතනයේ ජීවත් වන බොහෝ පිරිමීන් හදවතින්ම පිලිගැනීමට තවම මැලිවන කාරණයකි. මේ හේතුව නිසා මා ඉහතින් සදහන් කලාසේ මෙම විෂය පිරිමි පාර්ශවය මූලික කරගෙන සාකච්චා කිරීම අත්‍යඅවශ්‍ය මෙන්ම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.
තව කියවන්න…
අද යහමඟ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ ඉතා සංකීර්ණ එසේම ගැඹූරු මාතෘකාවක් පිලිබදවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ කර්මය, දෛවය, ඉරණම… යනාදී වචනවලින් හදුන්වන එම විෂය හැදින්වීමට භාවිතා කරන වචන පවා විටෙක සංකීර්ණ කාරණයක් වී ඇත. මන්ද සිංහල භාෂාව තුල හා විවිධ ආගමික ඉගෙන්වීමන් තුල කර්මය, දෛවය, ඉරණම… යනාදී වචන නිරන්තරයෙන් භාවිතා වේ. ඒවා විටෙක සමාන අරුතින්ද තවත් විටෙක පරස්පර විග්‍රහයන් ලෙසද ඉදිරිපත් වේ. ඒ අනුව මෙම වචනවලට අදාල වන අරුථ පිලිබදව පැහැදිලි අවබෝධය ලබා ගතයුතු වන්නේ ඒ ඒ විෂය පථය නියෝජනය වන ක්ෂේත්‍රය හා එහි ඇති විග්‍රාහයන් පදනම් කරගෙනය. උදාහර්ණයක් ලෙස ‘කර්මය’ යන වචනය සැලකූවිට ඒ සදහා සිංහල භාෂාව තුල එක් විග්‍රහයක්ද, බුදුදහම තුල තවත් විග්‍රහයක්ද, හින්දු හෝ කිතුණූ දහම තුල තවත් විග්‍රහයක්ද, සමාජය තුල මීට වඩා වෙනස් විග්‍රහයන්ද පැවතිය හැක. මෙවැනි තත්වයක කලයුතු වන්නේ ඒ ඒ විෂය පථයට අනුකූලව එම වචනාර්ථය අවබෝධ කරගැනීම මිස තම තමන් දරණ මතවාදය තුල කොටු වී අනිකුත් පාර්ශවයන් දරණ මතවාදයට චෝදනා නැඟීම හෝ ගැරහීම නොවේ. එම කාරණය හොදින් මතකයේ රදවාගෙන දැන් මාතෘකාව වෙත යොමු වෙමි.
ඉස්ලාම් දහම මූලික ප්‍රතිපත්ති 06 ක් මත ගොඩනැඟී ඇති බව මීට ඉහත මෙම අඩවිය තුල කිහිප අවස්ථාවකම සාකච්චා කොට ඇත. ‘ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි’ යන ලිපිය එයට සමීපතම නිදසුනයි. ඒ අනුව සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍යයෙන් විශ්වාසයෙන් යුතුව පිලිගතයුතු කරණූ 06 ක් ඉස්ලාම් දහම තුල ඇති බව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. එම කරුණූ 06 අතුරින් කරුණූ කිහිපයක් පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල අඩු වැඩි වශයෙන් සාකච්චා කොට ඇත. නමුත් එහි මේ දක්වා සාකච්චා නොකල ‘කර්මය පිලිබදව වූ විශ්වාසය’ නම් මාතෘකාවක් පිලිබදව තමා අද දින මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරන්නේ. එය ඉහත කරුණු 06 අතුරින් අවසාන කාරණය ලෙස ඉස්ලාම් පවසයි. සෑම මුස්ලීම්වරයෙකු තුලම පැවතිය යුතු මූලික විශ්වාස 06 අතුරින් අවසාන අංගය ලෙස ඉස්ලාම් පවසන මෙම ‘කර්මය, දෛවය එසේත් නැත්නම් ඉරණම’ යන්න (මෙතැන් පටන් එය මා ‘කර්මය’ යයි හදුන්වමි) ඉස්ලාම් දහම පිලිපදින මුස්ලීම්වරුන්ට පමණක් නොව ලොක්වාසී සියළු දෙනාගේ හිත සුව පිණිස තීරණාත්මක සාධකයක් යන්න මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.
තව කියවන්න…
නූතන සමාජය සැලකූවිට අන්තර්ජාලය පිලිබදව හෝ අන්තර්ජාලය තුල ඇති ‘ෆේස්බුක්’ සමාජ ජාල වෙබ් අඩවිය පිලිබදව හෝ නොදන්නා කිසිවකු නොමැති තරම්ය. විශේෂයෙන් තරුණ තරුණියන් අතර අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත්තේ මෙම ෆේසබුක් හෙවත් මුහුණු පොත යන්නයි. 2004 වර්ෂයේ පෙබරවාරී මාසයේ ලෝකයාට හදුන්වා දෙන මෙම සමාජ ජාල වෙබ් අඩවිය තුල මේ වනවිට සාමාජිකත්වය ලබා ඇති සංඛ්‍යාව මිලියන 600 ත් ඉක්මවා ගොසිනි. නමුත් කවදත් තාක්ෂණය නුහුරට භාවිතා කරන තාරුණ්‍යය. මේ ෆේසබුක් තුලින් ද දිනෙන් දින පරිහානයට පත්වෙමින් සිටින බව මීට ඉහත කිහිප අවස්ථාවක යහමඟ අඩවිය තුලින් ශ්‍රී ලාංකීය සමාජයට කරුණ දක්වා ඇත. මැතක ඉදිරිපත් කල ‘මුහුණූ පොත තුල නැති වී යන අපේ ඇත්තෝ’ නම් ලිපිය විශේෂයෙන් සදහන් කලහැක. මෙලෙස තාක්ෂණය තුල විනාශය පතන අති බහුතරය හමුවේ ඉතා සුළු පිරිසක් හෝ මෙම තාක්ෂණය සමාජ යහපත සදහා භාවිතා කරන බවත් මෙහි දී සදහන් කලයුතුම කාරණයකි.
නමුත් මෑතක සිට මෙම ෆේස්බුක් අඩවිය තුල ‘හැක්කරුවන්ගෙන්’ ඇති වී තිබෙන බලපෑම නිසා මා ඉහතින් සදහන් සුළු පිරිස පවා මෙම ෆෙස්බුක් සමාජ ජාලයට සමුදී දිනෙන් දින එයින් දුරස්වෙමින් සිටීම කණගාටුදායක තත්වයකි. ෆේස්බුක් අඩවිවල ඇති තොරතුරු විකෘති කිරීමත්, එහි තොරතුරු සොරාගැනීමත්, අනවසරයෙන් ඒ තුලට ඇතුල් වීමත්, අසභ්‍ය පිංතූර හා වීඩියෝ දර්ශණ එයට අනවසරයෙන් එක් කිරීමත්… එවැනි දරුණූ බලපෑම් කිහිපයකි. වර්ථමානයේ මෙම තත්වය ජාත්‍යන්තරය තුල හා ජාතිකතලයේ නිතර දකින්නට හා අසන්නට ලැබේ. මේ පිලිබදව යහමඟ පාඨක ඔබද දැනුවත්ව හා ඒ පිලිබදව අවධීයෙන් සිටීම අත්‍යඅවශ්‍ය කාරණයකි. ඒ අනුව ඔබත් දැනුවත් වීම සදහාත් මෙවැනි තත්වයන්ට මුහුණපෑ පිරිස් ගතයුතු ක්‍රියාමාර්ගය පිලිබදව දැන්වත් වීම සදහාත් අන්තර්ජාලය තුල පලව තිබූ ලිපියක් ඔබේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එය මෙසේය…
තව කියවන්න…
වසරක් පාසා මාර්තු 08 දිනට ‘ලෝක කාන්තා දිනය‘ සැමරීම අද සමාජ සම්ප්‍රදායක් බවට පත්ව ඇත. මේ වන විට සියවතාවක්ම සමරා ඇති මෙම දිනය 2012 වර්ෂයේත් 101 වන වරට සැමරීමට විවිධ වැඩසටහන් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේ සංවිධානය වන මේ මොහොත් යහමඟ පාඨක අවධානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. අතීතයේ කාන්තාවගේ අයිතීන් දිනා ගැනීමට සදහා සංවිධානය වූ මෙම දිනය අද වනවිට තවත් සැමරුමකට ඒහා ගිය කිසිවක් නොමැති තැනට පත්ව ඇත. මෙම දිනය සැමරීම තුලින් කාන්තාව දිනාගත් කිසිවක් නොවුවත් මෙම දිනය අවස්ථාවක් කරගෙන බොරදියේ මාළු බාන පිරිස් නම් අඩුවක් නැතුව දක්නට ඇත. තමන් කාන්තාව වෙනුවෙන් පෙනීසිටින බවත්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින බවත්, ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යහපත් මෙහෙයක් ඉටුකරන බව පුරසාරම් දොඩන සමහරක් පිරිස් කරන්නේ කාන්තාව ලංසුවට තබා තම අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමයි. මෙම පහක් ක්‍රියාවේ ප්‍රධාන පාර්ශවයන් වන්නේ රටේ දේශපාලඥයින්, ආගමික නායකයන් හා විද්වතුන්, දෙස් විදෙස් ස්වෙච්ඡා සංවිධානයන් හා මාධ්‍යෙව්දීන් යන්නයි. දේශපාලඥයින් මේ තුලින් දේශපාලන වාසී ලබා ගැනීමත්, ආගමික නායකයින් හා විද්වතුන් අනිකුත් ආගම් කාන්තාව නොසලකා හැර තිබියදී තමන්ගේ දහම ඒ යුතුකම නිසි ලෙස ඉටුකර ඇති බව පවසමින් තම දහමට කිසියම් ආකාරයක ජනතා ආකර්ශනයක් ලබාගන්නා අතර අනිකුත් ආගම් කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩ නැඟීමත්, කාන්තාව වෙනුවෙන් තමන් පෙනීසිටින බව පවසමින් සමස්ථ සමාජයත් එහි කාන්නාවත් නොමඟ යවමින් සමිති සමාගම් හා සංවිධානවල සැඟවුණු න්‍යාය පත්‍රයන් ක්‍රියාවට නැංවීමත්, වසරක් පසා උදාවන කාන්තා දිනය වෙනුවෙන් පිටුගනණ් ලිපි හා පැය ගණන් සංවාද පවත්වමින් ජනතාව අතර ජනප්‍රියත්වයක් හා එය ව්‍යාපාරයක් කරගෙන මඩිය තර කර ගැනීමක් හැර මේ කිසිවක් තුලින් කිසිවකු කාන්තාවට දිනා දුන් දෙයක් නැත.
මෙහි ඉහත අවස්ථා 04න් ‘ආගමික නායකයන්ගේ හා විද්වතුන්ගේ‘ භූමිකාව පිලිබදව වැඩිපුර යමක් පැවසීමට ඇත. වසර ගණනාවක් මුළුල්ලේ යහමඟ අඩවිය ශ්‍රී ලාංකීය සමාජය තුල පවත්වාගෙන යාමෙන් ලද අත්දැකීමක් නම්, මෙම දිනයන් හි සිදුකරන්නේ කාන්තාව සම්බන්ධයෙන් තම දහම හෝ දර්ශනය තුල සදහන් වන්නේ කුමක්ද? යන්න ඉදිරිපත් කරනවා වෙනුවට මේ සම්බන්ධයෙන් අනිකුත් ආගම් වල සදහන් වන්නේ කුමක්ද? යන්න ඉදිරිපත් කිරීමයි. තමන් විවේචනය කරන දහමේ හෝ දර්ශනයේ ඉගෙන්වීමන් අධ්‍යනය කොට එහි කරුණූ පදනම් කරගෙන කිසියම් විවේචනයක් කරන්නේ නම් එහි වරදක් නැත. නමුත් මෙවැනි විවේචන ඉදිරිපත් කරන බහුතරයකට තමන් විවේචනය කරන දහම පිලිබදව පමණක් නොව තමන් පිලිගෙන පිලිපදින දහමේ හෝ දර්ශනයේ කාන්තාව සම්බන්ධයෙන් කුමක් පැවසෙනවාද? යන්න පිලිබදව පවා නිසි වැටහීමක් නොමැති බව ඔවුන්ගේ සංවාද තුල පැහැදිලි වීම කණගාටුවට කරුණකි. මෙහි හාස්‍ය ජනක කාරණය වන්නේ අනිකුත් ආගම් විවේචනය කිරීමේ යටි අරමුණින් සමහරක් පාර්ශවයන් කාන්තා අයිතීන් වෙනුවෙන් හඬක් නඟන බව පුරසාරම් දොඩමින් විරුද්ධ ආගමික මතවාද දරණ පාර්ශවයන්ගේ ‘ඇසේ කෙන්ඳ සොයන්නේ තමන්ගේ ඇසේ ඇති පොල් පරාල‘ පිලිබදව කිසිදු තැකීමක් නොකරය. මේ පිලිබදව යහමඟ අඩවිය කිහිප අවස්ථාවක විවිධ ලිපි ඔස්සේ පාඨක ඔබට කරුණූ දක්වා ඇත. එවැනි ලිපි කිහිපයක් හා කාන්තාව පිලිබදව ඉස්ලාම් කොතරම් දුරකට සැලකිලීමත් වී තිබෙනවාද? ඇයගේ අයිතීන් වෙනුවෙන් ඉස්ලාම් කොතරම් මැදිහත් වී තිබෙනවාද? යන්න පිලිබදව යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල ලිපි කිහිපයක් ඔබගේ බුද්ධිමත් විමසුමට නැවත ගෙන එන්නේ නම්,
තව කියවන්න…
වර්ථමානයේ ලොව නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත්නම් ඒ ‘නූතන මානවයා දියුණුව හා ඔහුගේ අසමසම හැකියාවයි’. අද ඔහු දිනාගෙන ඇති ජයග්‍රහණයන් පිලිබදව සමස්ථ ලෝකය මහා උජාරුවට කථා කරයි. විශේෂයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ද නිතර කථා බහ සිදුවන අතර ඒ වෙනුවෙන් සංවිධානය වන ජාත්‍යන්තර හා ජාතික වැඩසටහන්ද අපිට අළුත් කාරණයක් නොව්. මෙලෙස ලොව සෑම කෙනෙකුගේම ආකාර්ෂණ දිනාගැනීමට සමත් මෙම ක්ෂෙත්‍රය පිලිබදව අද දින යහමඟ අඩවිය තුල තරමක් වෙනස් ආකාරයකින් අවධානය යොමු කිරීමට අදහස් කලේ යහමඟ අඩවිය තුල ද ‘නූතන මානවයා’ පිලිබදව යම් යම් කරුණූ සාකච්චා වන නිසාම බැවිණි. මෙහිදී යහමඟ පාඨක ඔබේ අවධානයට යොමු කලයුතු විශේෂ කරුණක් ඇත. එනම් නූතනය පිලිබදව වැඩි බරක් දී මෙම අඩවිය තුල කථා කිරීමට හේතුව කුමක්ද? යන්නයි. මීට වසර 1400 කට පෙර ප්‍රකාශ වූ දහමක් නූතන යුගයේ කථා කිරීමේ දී එය නූතන සමාජයට අවබෝධ වන ආකාරයට කථා කිරීම හා සමහරක් කරුණූ වඩාත් හොදින් පැහැදිලි කරගැනීම සදහා නූතන යුගය සමඟ සංසන්ධනාත්මක ලෙස කථා කිරීම ඊට හේතුවයි. කෙසේ වෙතත් මෙහිදී බුද්ධිමත් විමසුමක් කලයුතු කරුණ නම් අප උජාරුවෙන් හා විටෙක ආඩම්භර ලීලාවෙන් කථා කරන ‘නූතනය තුල එහි සැබෑ ප්‍රතිපල අප ලබා තිබේද?‘ යන්නයි.
මෙසේ මා පැවසීම ඔබට තරමක් අවුල්සහගත වන්නට පුළුවන. එම නිසා මෙම කාරණය තරමක් සවිස්තරව හා නිදසුන් සහිතව විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. එනම්, නූතන මිනිසා යානවාහන හා අනිකුත් නවතම තාක්ෂණික මෙවලම් නිර්මාණය කිරීම මඟින් හා ඒවා භාවිතය සදහා නූතන ක්‍රමවේද භාවිතය අතින් ලබා ඇති ප්‍රගතිය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. ආරම්භ මිනිසාගේ පටන් අද දක්වාම සෑම සමාජයක්ම සිතුවේ තමන් ලඟා කරගෙන ඇත්තේ එම ක්ෂේත්‍රයේ ලඟා කරගත හැකි උපරිම සීමාව එසේත් නැත්නම් නූතනම සීමාව ලෙසයි. නමුත් කාලයත් සමඟ එම නූතනයන් අභිබවා නව නූතනයන් ඉදිරිපත් වීමත් සමඟ එදා පැවති නූතනයන් නොදියුණූ අවධීන් බටත් වර්ථමානය නූතනම යුගය බවටත් පරිවර්ථනය විය. මෙය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා නිදසුනක් පවසනවා නම්, පරමාණූව සොයාගත් මුල් අවධියේ පදාර්ථයක කුඩාම අංශුව පරමාණූව බවත් එය තවදුරටත් කුඩා කොටස් වලට බෙදිය නොහැකි බවත් තීන්දු කරන ලදී. ඒ අනුව එදා නූතන සොයාගැනීම වුයේ පදාර්ථයේ කුඩාම කොටස පරමාණුව බවයි. නමුත් ඒ නූතන ප්‍රකාශය මුසාවක් බවට පෙරලමින් පරමාණුවද පසු කාලීනව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා න්‍යුට්ට්‍රෝන ලෙස කුඩා කොටස් වලට බෙදන ලද්දේ එතෙක් පැවතී නූතන මතවාදය වෙනුවට නව මතවාදයක් නූතන මානවයාට දායාද කරමිණි. ඒ තුලින් ද කියාපෑවේ එදා පැවති නූතනය සැබෑ නුතනය නොවන බවත් වර්ථමාන අනාවර්ණය තමා සැබෑ නූතනය වන බවත්ය. මෙය ඉහත නිදසුන පදනම් කරගෙන මා කරුණු පැහැදිලි කලද මෙය සෑම ක්ෂේත්‍රයකම පාහේ දක්නට තිබෙන පොදු තත්වයකි. මේ සියල්ල තුලින් පැහැදිලි වන කාරණය නම් ‘නූතනය‘ යන්න කිසියම් කාල පරාසයකට සීමා වූ එකක් මිස නිත්‍ය කාරණයක් නොවේ යන්නයි. තවත් සරලව පවසනවා නම්, කලින් කලට තීන්දු වන නූතනයන් කාලයට සාපේක්ෂ තාවකාලික සීමාවන් මිස ස්ථීර සීමාවන් නොවේ යන්නයි. කිසියම් කාල පරාසයක ජීවත් වන මිනිස්සුන් තමන් තාක්ෂණයේ උපරිමයට ලඟා වූ බව පවසයි. නමුත් පසුකාලීනව එම තාක්ෂණය අභිබවා තවත් තාක්ෂණයක් ඉදිරිපත් වේ. මෙයට හොද නිදසුනක් ලෙස පරිගණක තාක්ෂණයේ සීඝ්‍ර දියුණුව සදහන් කල හැක. මේ සියල්ල තුලින් පැහැදිලි වන එක් කාරණයක් ඇත. ඒ ලෝක විනාශය දක්වාම නූතන තාක්ෂණය යන්න දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන ලෝක විනාශ මොහොත දක්වාම යථාර්තයක් නොවන සාපේකෂ කාරණයක් යන්නයි. එසේ නම් නූතන මානවයා පවසනවා සේ ‘මෙය තමා නූතනම යුගය‘ යන්නත්, ‘මෙය දියුණුවේ උපරිම හා අවසාන සීමාවයි‘ යනුවෙන් පැවසීමත් නිවැරදි නිගමනයන් නොවන බව දැන් ඔබට වැටහෙනු ඇත.
මෙම ලිපිය මෙතෙක් කියවාගෙන එන ඔබට යහමඟ මෙවැනි මාතෘකාවක් සාකච්චාට ගැනීම තුලින් කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද? යන කුතුහලය සමහර විට දැනටමත් ඇති වී තිබෙනු ඇත. නූතන යුගයේ ජීවිත් වන බොහෝ පිරිස් ‘අප නූතනවාදීන්, මෙය තමා නූතන යුගය‘ යනාදී වශයෙන් වහසිබස් දොඩමින් එසේම තමන් ජීවත් වන මේ යුගයේ බුද්ධිමත් පිරිසක් වෙසෙන යුගයක් බවත්, ගෙවීගිය යුගයන්ට වඩා මේ යුගය දියුණූ යුගයක් බවත්, කියාපාමින් යම් යම් කරුණූ විවේචනයට හා අභියෝගයට ලක් කිරීම නිතර දක්නට ලැබේ. තවත් සරලව පවසනවා නම්, වර්ථමාන යුගයට සාපේකෂව අතීතයේ විසූ සමාජයන් නොදියුණූ තත්වයක, මිත්‍යාවන් තුල කොටු වී, නිසි අධ්‍යාපනයක් නොලබා, විද්‍යාත්මක පැහැදිලි කිරීමන් නොලබා… ප්‍රථමික යුගයක විසූ බවත්, තමන් දියුණූම යුගයක ජීවත්වන බුද්ධිමත්ම ජන කොට්ඨාශයක් යන්නත්, ඒ අනුව ඔවුන් නොලද සියළු දෑ වර්තමාන අප නොඅඩුව ලැබීම තුල ‘නූතන අප දියුණූ හා බුද්ධිමත්ම පිරිස වෙමු‘ යන්න ඔවුන්ගේ එම තර්කයන් හි හරයයි. මෙවැනි තත්වයක මෙම විෂය බුද්ධිමත් විමසුමකට ලක්කිරීම කාලීන වැදගත්කමක් ඇති කාරණයකි.
තව කියවන්න…
වර්ථමාන කය දිනෙන් දින අර්බුද ගණනාවක්ට මැදිවෙන් පවතී. මේ අර්බුදකාරී තත්වය රට රටවල් අතර, ජාතීන් අතර, සමාජ අතර, පවුල් ඒකක අතර සහෝදරයන් අතර… යනාදී වශයෙන් ඉහලම තලයේ සිටි පහලම තලය දක්වා ව්‍යාප්ත වී පවතී. මෙම තත්වයෙන් මිනිස් සමාජය මුදවා ගැනීම සදහා විවිධ විකල්ප හා විසදුම් නොයෙක් පාර්ශවයන් කලින් කලට යෝජනා කලද එයින් තවම සාර්ථක ප්‍රථිපල ලබාගැනීමට ලෝකයා හට හැකි වී නැත. එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ඇත. ඒ නිවරුදි ගැටළුව හදුනාගෙන එයට විසදුම් සොයනවා වෙනුවට නිර්මාණය කරගත් ගැටළුවලට විසදුම් සෙවීමට කාලය හා බුද්ධීය වැය කිරීමයි.
මෙවන් සමාජ පසුබිමක එවැනි මිත්‍යා ගැටළු හා ඒවාට ලබාගන්නට උත්සාහ කරන විසදුම් පිලිබදව නොයෙක් අවස්ථාවල යහමඟ අඩවිය ද කරුණූ ගෙනහැර දක්වමින් ලිපි ගණනාවක්ම සාකච්චා කොට ඇත. මෙහිදී ද එවැනි ලිපියක් සාකච්චා කිරීමට අදහස් නොකරන අතර ඒ වෙනුවට එනම් සමස්ථ සමාජය පදනම් කරගත් කාරණයක් පිලිබදව කථා කරනවා වෙනුවට පවුල් ඒකකයක් පදනම් කරගත් ඉස්ලාම් පෙන්වාදෙන අසමසම ආදර්ශයක් පිලිබදව කථා කිරීමට අදහස් කරමි. එය පවුල් ඒකකයකට පදනම් වූ කාරණයක් ලෙස මෙහිදී මා සැලකුවද වක්‍ර ආකාරයකින් එය සමස්ථ සමාජයටම බලපාන පොදු මාතෘකාවකි. ඒ ‘දේපල බෙදීම සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රමවේදය හා එහිදී අනුගමනය නොකලයුතු ක්‍රමවේදයන් කුමක්ද?’ යන්නයි. ‘ඉස්ලාම් දිව්‍යමය මඟපෙන්වීම පදනම් කරගත් අසමසම ජීවන සැලැස්මක්’ යන්න යහමඟ පුලපුලා පවසන කාරණයකි. එය තහවුරු කිරීම සදහා විවිධ මාතෘකා ඔස්සේ ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ද ඇත. අද දවසේත් එවැනිම කාරණයක් පිලිබදව ඉස්ලාමීය ආදර්ශය සාකච්චා කිරීමට අදහස් කරන්නේ එය මේ සංකීර්ණ සමාජය තුල මුස්ලීම් නොවන ප්‍රජාව අතර පමණක් නොව මුස්ලීම් ප්‍රජාව අතරත් විශේෂයෙන් දරුවන් හා මාපියන් අතර, සහෝදර සහෝදරියන් අතර, සංකීර්ණ හා ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කිරීමට තරම් ප්‍රබලහා ජනප්‍රිය විෂයක් වී ඇති නිසාය.
වර්ථමාන බුද්ධිමත් සමාජයේ මාපියන් මඟින් දරුවන් හෝ ඥාතීන් හට දේපල බෙදීයාමේදී ඇති වන ගැටළු හා ඒ තුල ඇති වූ පවුල් අවුල් පිලිබදව පිටු ගණන් ලිවිය හැක. අප රටේ සතිඅන්ත පුවත්පතක් ගෙන බැලුවේ නම් මේ සදහා නිදසුන් ඕනෑ තරම්ය. එපමණක් නොව අද රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මහළු නිවාස තුලින් ද කියාපාන්නේ මෙම අවුලේ නොයෙක් පැතිකඩයන්ය. එවන් වූ උණූසුම් හා බැරෑරුම් විෂයක් පිලිබදව ඉස්ලාම් දහම මිනිස් සමාජයට යෝජනා කරන විසදුම් ඉතා ආදර්ශවත්ය. එය මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල ඉස්ලාමීය දේපල බෙදීමේ නීති යන ලිපිය තුලින් ඔබට අවබෝධ කරගත හැක. එම ලිපිය තුල පවා මා සරලව සදහන් කල කොන්දේසිගත කාරණයක් ඇත. ඒ මරණාසන්න මොහොතේ කරන ප්‍රකාශය හෙවත් ‘අවසාන කැමැත්ත’ පිලිබදවයි. මෙය ඉස්ලාම් ‘වසීයත්’ යනුවෙන් හදුන්වන අතර එම විෂය ද ඉස්ලාම් දීර්ඝ ලෙස කථා කරන්නේ මෙය ප්‍රායෝගික දහමක් යන්න මනාව කියාපාමිනි. මෙම විෂය තුල මනුෂ්‍යා ක්‍රියා කලයුතු හා අනුගමනය කලයුතු නිවරුදි ක්‍රමවේදය ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන්නේ ලොව සෑම දහමකටම, දර්ශනයකටම අභියෝගාත්මක ලෙසය. ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,
තව කියවන්න…
අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහෝ විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා ඉස්ලාම් දහමට එරෙහිව සමාජ මතවාදයක් ගොඩනැඟීම පිණිස ඉහත ජාත්‍යන්තර ඉස්ලාම් විවේචකයන්ගේ වාද හා තර්ක අද වනවිට තම නිපැයුම් හා සොයා ගැනීමන් ලෙස සමාජගත කරමින් සමාජ මතවාදයන් නිර්මාණය කරමින් සිටී. බුද්ධිමත් තර්ක විතර්ක පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව මතවාදයන් ඉදිරිපත් කිරීම කිසිවිටෙක ප්‍රතික්ෂේප කරන දහමක් ඉස්ලාම් නොවේ. ඉස්ලාම්, ඒ සදහා මිනිස් සමාජයට අභියෝග කරන දහමකි. කෙසේ නමුත් පොදුවේ ඕනෑම වාදයක් චෝදනාවක් කිසියම් මතවාදයකට එරෙහිව ඉදිරිපත් කිරීමේ දී ඒ සදහා තිබිය යුතු මූලික අවශ්‍යතා කිහිපයක් ඇත. එහි ප්‍රධානතම අවශ්‍යතාවය නම් තමන් ඉදිරිපත් කරන විෂය පිලිබදව තමන් තුල ඇති දැනුමයි. අද ඉස්ලාම් දහම විවේචනය කරමින් කරුණූ දක්වන පිරිසගේ තර්ක හා අභියෝග දෙස බලන විට එය මුස්ලීම්වරුන් වන අපට විනෝදජනකය. මෙවැනි හාස්‍යජනක වාදයන් පදනම් කරගෙන ඔවුන් සදහා කරුණූ පැහැදිලි කිරීමේ ලිපි ගණනාවක් ම මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කර ඇත. නිදසුනක් ලෙස පවසනවා නම් ‘අල්ප දැනුමේ අදෝනාව‘ එවැනි එක් ලිපියකි. කෙසේ වෙතත් ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා නොදැන මෙලෙස පාළුගෙදර වලං බිඳින විවේචකයන්ගේ අවධානයට ඉස්ලාමීය මූලික පදනම කුමක්ද? යන්න පිලිබදව මෙහිදී සාක්ච්චා කිරීමට අදහස් කරමි.
ඉස්ලාමීය මූලික පදනම් කුමක්ද? යන්න මීට ඉහත මෙම අඩවිය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?‘ යන මාතෘකාව ඔස්සේ තරමක් දුරකට සාකච්චා කොට ඇත. තවදුරටත් ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පිලිබදව කථා කිරීමේ දී එය ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ කථා කලයුතුව ඇත. එනම්, ‘ඊමාන්’ යනු කුමක්ද? හා ‘ඉස්ලාම්’ යනු කුමක්ද? යනාදී වශයෙනි. මුස්ලීම් නොවන සහෝදරයන් හට මෙහිදී ගැටළුවක් ඇතිවිය හැක. එනම් ‘ඉස්ලාම් යනු කුමක්ද? යන්න පිලිබදව කථා කිරීම සම්බන්ධයෙන් නම් අපට අවබෝධයක් ඇත. නමුත් ඊමාන් යනු කුමක්ද? යන්න තුලින් අදහස් කරන්නේ කුමක්ද?’ යන ඔවුන්ගේ ගැටළුවයි. මෙය සමහරක් මුස්ලීම්වරුන්ට පවා ඇති ගැටළුවකි. මේ හේතුව නිසා ප්‍රථමයෙන් මේ ‘ඉස්ලාම්’ හා ‘ඊමාන්’ යන යනු කුමක්ද? යන්න ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,
තව කියවන්න…
නවතම ප්‍රතිචාර